skip to main |
skip to sidebar
සංචාරක
වීසා මගින් රැකියා සඳහා ශී‍්‍ර ලාංකිකයන් පිටත්කර හැරීමේ ජාවාරම
සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී
තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය මගින්
මෙහෙයවනු ලැබූ මෙම පරීක්ෂණ, වඩාත් පුළුල් කිරීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බවයි එම කාර්යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක මංගල
රන්දෙනිය සඳහන් කළේ.පසුගිය
කාලසීමාව තුළ මැලේසියාව ඇතුළු රටවල් රැසකට සංචාරක වීසා මගින් ශී‍්‍ර
ලාංකිකයන් රැකියා සඳහා පිටත්කර හැරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබුණා.
මෙම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරු මේ වනවිට
අනාවරණය වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක මංගල
රන්දෙනිය තවදුරටත් සඳහන් කළේ.
0 comments:
Post a Comment